IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


සක්විතිට - බිරිඳට වසර දහයක අත්හිටවූ සිර දඬුවම්

සක්විති හවුස් කන්ට්‍රක්ෂන් මූල්‍ය ආයතනය පවත්වාගෙන යමින් රුපියල් කෝටි 16 කට අධික ජනතා මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ සක්විති රණසිංහට හා ඔහුගේ බිරිඳට වසරක බරපතළ වැඩ සහිත  සිර දඬුවමක්  නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම දඬුවම වසර දහයකට අත්හිටුවන බව නියෝග කළේය.

අභය රණසිංහ මුදියන්සේලාගේ නන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ ජේ . කුමාරි අනුරාධි විත්තිකරුවන්ට මෙම දඬුවම නියම කෙරිණි.

2006 නොවැම්බර් 01සහ 2008 සැප්තැම්බර් 31 කාලය අතරතුර නීති විරෝධී මූල්‍ය ආයතනය පවත්වාගෙන යමින් වංචා කල මුදලින්  සියයට හැටක ප්‍රමාණයක්  ජනතාවට ආපසු ගෙවීම හේතුවෙන් මෙම අත් හිටවූ සිරදඬුවම නියම කළේය.

ඒ අනුව රුපියල් ලක්ෂ පනහ (50) බැගින් වූ වාරික විස්සකින් මුදල් ගෙවීමට විත්තිකරුවන් කටයුතු කර ඇත.

සක්විති රණසිංහ ඔහුගේ බිරිඳ හා සක්විති හවුස් කන්ට්‍රක්ෂන් මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ එකොළොස් දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර සෙසු විත්තිකරුවන් නඩුවෙන් මුදාහැරීමට නීතිපතිවරයා මීට පෙර  තීරණය කර තිබිණි .

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය පෙනී සිටීමෙන් පසුව වරද පිළිගැනීම හා මුදල් වලින් සියයට හැටක කොටසක් ගෙවීම යන කරුණ සලකා බැලීමෙන් පසුව අත්හිට වූ සිර දඬුවම නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන්ට රුපියල් 25,000 බැගින් දඩයක්ද නියම කළේය.

දඩ මුදල් ගෙවීමෙන් පසුව විත්තිකරුවන්ගෙන් ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසත් ඉන් පසුව ඔවුන් මුදාහරින ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

 



අදහස් (0)

සක්විතිට - බිරිඳට වසර දහයක අත්හිටවූ සිර දඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 436 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 218 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1934 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site